logo
බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය.
බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය.
අතිපූජ්‍ය රේරුකානේ චන්ද්විමල මහා නාහිමි

ඉහත දැක්වෙන පාඨයෙන්ම මේ ධර්මයේ වටිනාකම ඔබට මෙම පාඩම් මාලාව අධ්‍යනයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව ඔබට එවිට මනාව පිළිබිඹු වනු ඇත. මෙම ධර්ම කරුණු ඔබ පරිශිලනය කරන්නේ නම් ඔබට ඉක්මනින්ම මේ අමා ධර්මය තුලට පිවිසිය හැකි බව මාගේ හැඟීමයි.

මෙයට,
ශාසනාස්ථිකාමී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
මෙත් බෝ සෙවන
හව්පකන්ද, තිත්තගල්ල, අහංගම

කාලෙන් කාලෙට ලෝකේ සත්‍ය හොයන මිනිසුන් පහල වෙනවා.
අද කාලේ සත්‍ය හොයන කෙනෙකුට කරන්න තියන අමාරුම දේ තමයි එකිනෙකට වෙනස් සත්‍ය ගැන ලියවුණු විශාල පොත් පත් තොගයකින් , විශාල ශ්‍රව්‍ය දුෂ්‍ය මාධ්‍ය තොගයකින් , එකිනෙකට වෙනස් මාර්ග කියන ගුරුවරුන් සමුහයකගෙන් ඇත්ත මොකද්ද කියල වෙන් කරගන්න එක. මොකද මේ වකවානුව ධර්මය කියන සම්මත දේශනා , පොතපත, ගුරුවරු බහුල වකවානුවක්

මේ තාක් ඔබට බහුල ලෙසම ඇහුනේ “ සද්ධර්මයමද ? ”
"සද්ධම්මෝ පරම දුල්ලබෝ."

මේ ලෝකයේ තියෙන අමාරුම දුර්ලභම දෙය තමයි සද්ධර්මය අහන්න ලැබීම.

ලෝකෝත්තර මාර්ගය තවත් සම්ප්‍රදායික ඉගැන්වීමක් නොවේ .

අපි ඔබට වචන පාඩම් කරන්න මතක තියාගන්න කියන්නේ නැත. අපි ඔබට සම්ප්‍රදායික අපහසු භාවනා ක්‍රම පැය ගණන් එක දිගට කරන්න කියන්නේ නැත .ඒ සම්ප්‍රදායික ඉගැන්වීම පෘතුවිය තුල බුදුන්ගේ පහල වීමටත් කලින් සිට පැවතිණි . බුදු වරයෙක් සාරසංකේය කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරන්නේ සත්‍ය වෙත කෙටි සුජු මාර්ගයක් සොයාගැනීමය. ඒ මාර්ගයයේ මියෙන තුරා රැකිය යුතු සීලයක් නැත . එහි ප්‍රථිපල සන්දිඨිකය. එනම් එහි ප්‍රථිපල මේ ජීවිතය තුලම අත්විදිය හැක . මේ ලෝකේ හැම මිනිසෙක්ම ගැහැණියක්ම තමන්ගේ සතුට වෙනුවෙන් හුගාක් දේවල් කරන නමුත් සතුට වෙනුවෙන් මොන දේ කලත් ලැබෙන සතුට රදවගන්නවත් ලබාගන්න තියන සතුට රදවගන්නවත් කාටවත් ඔවුනට හැකියාවක් නැත . මොකද ලෝකේ මිනිසුන්ට අඩුම දැනුමක් , අඩුම තේරුම් ගැනීමක් , අඩුම අවදානයක් තිබිල තියෙන්නේ තමන්ගේ ජීවිතේ ගැන සහ තමන්ගේම හිත ගැන නිසා. කවුරුහරි අප කියනේ දේ හොදින් අහගෙන ඒ දේවල් පුරුදුකරොත් ඒ කියන්නේ ඒ දහම ප්‍රයෝගික කලොත් එයා එයාගේ හිත එයාගේ ජීවිතය අවබෝධ කරන්න පටන් ගන්නවා තමන්ගේ හිත හොදට අවබෝද කරගත්තොත් , තමන්ගේ මනස හොදට පැහැදිලි කරගත්තොත් අන්න එයාට පුළුවන් හොදින් සතුටින් ජීවත් වෙන්න. ඒ වගේම එයාගේ සසර ගමන නතරකරලා දාන්න.

මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය
මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය 2014 වර්ෂයේ ඉදිකිරීම් අරඹන ලදුව මේ වන විට සීග්‍ර සංවර්ධනයක් ලබා සිටින ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විපස්සනා භාවනා කේන්ද්‍රස්ථානයකි.

සුන්දර කදු ගැටයක පිහිටි මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය ඉතා මනරම් සිත් ඇදගන්නා පරිසරයක පිහිටා ඇත.

දැනට තරුණ තරුණියන් රැසකට පැවිදි දිවිය දායාද කර ඇති මෙත්බෝ සෙවන තවත් එවන් තරුණ තරුණියන් ගේ පහසුව උදෙසා දිගින් දිගටම ගොඩනැගිලි කුටි ඉදිකරමින් දෙස් විදෙස් සත්‍ය සොයනා මිනිසුන් වෙනුවෙන් කරන විශාල කැපවීම එහි පැමිණෙන ඕනෑම් කෙනෙකුට සියැසින්ම දැකගත හැකිය.

එවැනිම පහසුකම් එහි පැමිණෙන ගිහි පින්වතුන් සදහාද සැපයීමට ඉදිකර ඇති , ඉදිවෙමින් පවතින ගොඩනැගිලි දැනට දහස් ගණනක් නැවතී ධර්ම මාර්ගයේ යාමට උපකාර කර අතර එවන් තව දහස් ගණනකට ඉදිරියේදී උපකාර කරනු ඇත.

මෙහි දැනට සිදුවන ව්‍යාපෘති අතුරින් “ ධම්ම ශ්‍රියා මහා සෑය “ ඉතා දැවැන්ත ව්‍යාපෘතික් වන අතර එම සයමහල් දැවැන්ත චෛත්‍ය රාජයා සිය සය මහල් ගර්බ අවකාශය තුල 5000 කට අධික පිරිසකට එකවර දෙස් විදෙස් භාෂා ගණනාවකින් අභිධර්මය අධ්‍යනය කිරීමටත් විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමටත් සියලු පහසුකම් සැලසේ. එහි බිම් මහල භාවනා ශාලාවක් ලෙස සැකසෙන අතර සෙසු මහල් වල පරිගණක අධ්‍යනාගාරයක්, ශාස්ත්‍රීය පුස්තකාලයක්, භාෂාගාරයක්, තාක්ෂණික මැදිරියක් සහ ධාතු මන්දිරයක් ඉදිවේ. මුළුමනින්ම වායුසමීකරණය කරන ලද ධම්ම ශ්‍රියා මහා සෑය අභ්‍යන්තරයේ අධිවේගී අන්තර්ජාල පහසුකම්, Wi-Fi පහසුකම්, විදුලි සෝපාන ඇතුළු අති නවීන තාක්ෂණික පහසුකම් පවතිනු ඇත. ඉදිකිරීම් අවසානයේදී ධම්ම ශ්‍රියා මහා සෑය ශ්‍රී ලංකාවේ පස්වන විශාලතම චෛත්‍යය ලෙස සම්බුද්ධ ශාසනයට උරුම වනු ඇත

මේ දැවැන්ත සෑය අසලින් තැනෙන වැව සහ වැවට උඩින් චෛත්‍ය මලුව බලා ඇදෙන ඉදිවෙමින් පවතින ආරුක්ක හතේ රන් පාලම මෙත් බෝ සෙවනට අනාගතයේ අපුරු අලංකාරයක් හා ප්‍රෞඩත්වයක් එක් කරනු නොඅනුමානය.


මෙත් බෝ සෙවන - ශ්‍රාවක අදහස්
Y%djl woyia
fu;a fnda fijk Ndjkd uOHia:dkh úiska isÿlrk úúO jevigyka j,g iyNd.Sjk yd O¾uh Y%jkh lrk Y%djlhkaf.a woyia

මෙත් බෝ සෙවන - ප්‍රවෘත්ති සහ සිදුවීම්
m%jD;a;s iy isÿùï
fu;a fnda fijk Ndjkd uOHia:dkh úiska isÿlrk idiksl" wdOHd;añl yd idudÔh jevigyka iïnkaOj m,jk m%jD;a;s iy isÿùï'
සියලුම ප්‍රවෘත්ති සහ සිදුවීම්...

මෙත් බෝ සෙවන - ව්‍යාපෘති
wmf.a jHdmD;Ska
fu;a fnda fijk Ndjkd uOHia:dkh úiska isÿlrk idiksl" wdOHd;añl" iudÔh yd ixj¾Ok jHdmD;Ska'
සියලුම ව්‍යාපෘති...